ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මංගල මාධ්‍ය හමුව පවත්වයි

Thursday, 17 November 2016 - 12:05

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මාධ්‍ය හමුව බත්තරමුල්ලේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පක්ෂ කාර්යාලයේදී අද (17) පැවැත්වුණා.

එම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ පක්ෂයේ පළමු සාමාජික කාඩ්පත් 100 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති බවයි.

මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ පොහොට්ටුව සළකුණ දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සාමාජිකයන් බඳවාගැනීම ඊයේ සිට ආරම්භ කළ බවයි.

මෙහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කලේ මහින්ද රාජපක්ෂ බලෙන් හෝ තම පක්ෂයට එකතු කර ගන්නා බවයි.  

අනතුරුව මාධ්‍යවේදීන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කර සිටියේ හිටපු ජනාධිපතිවරයා නව පක්ෂයට එක්කර ගන්නා ආකාරය පිළිබඳවයි.

එහිදී ඔහු සඳහන් කළේ නව පක්ෂයට  ඕනෑම අයෙකුට සහයෝගය දැක්වීමට අවස්ථාව සලසා ඇති බවයි. එමෙන්ම, හදවතේ සිටින නායකයා මහින්ද රාජපක්ෂ බවද බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණය පරාජයෙන් පසු තමන් පළා නොගිය බවයි.