ට්‍රම්ප්ගේ ප්‍රථම හමුව ජපන් අගමැති සමග

Thursday, 17 November 2016 - 13:12

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C
ඇමරිකාවේ නව ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජපාන අග්‍රමාත්‍ය ෂින්සෝ අබේ අතර හමුවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.

එය ලෝක නායකයෙකු නව ඇමරිකානු ජනාධිපතිවරයා හමුවන මුල්ම අවස්ථාවයි.

නිව්යෝක් නුවර පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී දෙරට අතර විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කරනු ඇති.

ජපාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ සිය ධුරයෙන් ඉවත් වීමට පෙර ලෝක සාමය මෙන්ම සෞභාග්‍ය වෙනුවෙන් අමරිකාව සමග තවදුරටත් විශ්වාසය තහවුරු කර ගැනීම තම අපේක්ෂාව බවයි.

අමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ දැඩිව කථාබහට ලක්ව ඇති අවස්ථාවක අමරිකානු ජනාධිපතිවරයා ජපාන අගමැති සමග මෙම සාකච්ඡාවට එක්වීම ද විශේෂත්වයක්.