සතියකට පසු ජනතාව හමුවට පැමිණි හිලරිගෙන් විශේෂ ප්‍රකාශයක්

Thursday, 17 November 2016 - 13:43

%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%99%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අමරිකා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වු ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් යළිත් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ පෙනී සිට තිබෙනවා.

ඒ ළමුන් වෙනුවෙන් අනුග්‍රහය දක්වන ආයතනයක පැවති උත්සවයකට ඊයේ එක්වෙමින්.

මැතිවරණ පරාජයෙන් පසු හිලරි ක්ලින්ටන් පළමුවරට ජනතාව හමුවේ පෙනී සිටි අවස්ථාව ද මෙයයි.

පරාජයෙන් පසු ඇය ප්‍රකාශකර තිබුනේ මනස නිදහස් වන තෙක් තමා නිවසින් පිටව නොයන බවයි.

කෙසේවෙතත් ඊයේ පැවති උත්සවයට එක්වෙමින් එහි සිටි පිරිස හමුවේ හිලරි ක්ලින්ටන් සඳහන් කර තිබුනේ කිසිදු දිනක සටන අත් නොහරින බවයි.

අමරිකානුවන් වෙනුවෙන් තම සටන අත් නොහරින බව ද ඇය ප්‍රකාශකර තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරණ ඡුන්ද ප්‍රතිඵලය පිළිබඳ බොහෝ දෙනෙකු බලාපොරොත්තු කඩවු තත්වයකට පත්වු අතර තමන් ද එම තත්වයට පත්ව ඇති බවයි  හිලරි ක්ලින්ටන් සඳහන් කලේ.

එමෙන්ම පරාජිත මානසිකත්වයෙන් යළි නැගී සිටිය යුතු බව ද ඇය සඳහන්  කර තිබෙනවා.