දුම්වැටි තොගයක් සමඟ අඹු සැමි යුවළක් අත්අඩංගුවට

Thursday, 17 November 2016 - 14:27

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%B9%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් ලක්ෂ 32 ක් පමණ වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික යුවලක් ගුවන් තොටුපල රේගුව අද (17) අත්අඩංගුවට ගත්තා.

ඩුබායි සිට මෙරටට පැමිණි මොවුන්ගේ ගමන්මළු හයක තිබී දුම්වැටි කාටුන් 381 ක් රේගු භාරයට ගෙන තිබෙනවා.

සැකකාර අඹුසැමි යුවළ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම දුම්වැටි තොගය රාජසන්තක කර සැකකරු සහ සැකකාරිය රුපියල් 25000 ක දඩයක් මත නිදහස් කල බවයි අප වාර්තාකරු සඳහන් කලේ.