සන්ධාන මහ ලේකම්ගෙන් මල් පොහොට්ටුවට අලුත් නමක්

Thursday, 17 November 2016 - 18:16

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස්ගේ නායකත්වයෙන් නිර්මාණය වූ පොදුජන පෙරමුණට, නිදහස් පක්ෂය නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

කොළඹ අද (17) පැවති සමුළුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මල් පොහොට්ටුවෙන් පිහිටු වූ නව පක්ෂයට වෙනත් නමක් යෝජනා කළ යුතු බවයි.