මොසැම්බික් දේශයේ තෙල් බවුසරයක් පුපුරා 73 දෙනෙකු මරුට

Friday, 18 November 2016 - 6:53

%E0%B6%B8%E0%B7%9C%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+73+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අප්‍රිකානු මොසැම්බික් දේශයේ මලාවි දේශසීමාව ආසන්නයේ ගම්මානයක දී ඉන්ධන බවුසරයක් පුපුරායාමෙන් පුද්ගලයන් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම ඉන්ධන බවුසරය මොසැම්බික් රාජ්‍යයේ බෙයිරා වරායේ සිට ගොඩබිමින් වටවූ මලාවි දේශය වෙත ගමන් ගනිමින් තිබූ බව සදහන්.

මෙහිදී තවත් සිය දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අනතුරකට මුහුණදුන් ඉන්ධන බවුසරයෙන් ඉන්ධන ඉවත් කර ගැනීමට ගිය ගම්වාසීන් පිපිරීමෙන් මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

මොසැම්බික් රජය කියා සිටියේ ගම්වාසීන් ඉන්ධන බවුසරය කොල්ලකෑමට උත්සාහ කළ බවට ද තොරතුරු ලැබී ඇති බවයි.