බෙංගාල බොක්ක අදත් කැළඹෙයි

Friday, 18 November 2016 - 7:20

%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැලඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි දින කිහිපය තුළදී මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලට තද වැසි සමඟ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට අද පෙරවරුවේ මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව සදහන්.

මේ අතර, මඩකලපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ.