හෙරොයින් ගිල පැමිණි පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

Friday, 18 November 2016 - 7:57

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් ගුලි ගිල මෙරටට පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ඉන්දියාවේ - චෙන්නායි සිට   යූ එල් 130 දරණ ගුවන් යානයෙන් ඊයේ දහවල් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු වන සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා.

ඔහු ගිල තිබූ හෙරොයින් ගුලි 5 ක් පමණ මේ වනවිට ඉවත් කරගෙන ඇති බවයි ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළේ.