නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට යටවී පොලිස් නිලධාරියෙකුට තුවාල

Friday, 18 November 2016 - 8:03

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
පුත්තලම - කල්ලඩිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට යටවී පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මීඔයෙන් ලබා ගත් වැලි ප්‍රවාහනය කළ මෙම ටිපර් රථය නැවැත්වීමට අදාළ පොලිස් නිලධාරියා අණ කර ඇති අතර එය දිගටම ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.

පොලිසිය සඳහන් කලේ වැටලීම සිදුකල අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු පළාගිය අතර ඉන් එක් අයෙකු ටිපර් රථයට නැගී යාමට උත්සාහ කිරීමේදී මෙම නිලධාරියා එය වැලැක්වීමට උත්සාහ ගෙන ඇති බවයි.

එම අවස්ථාවේදී සැකකරු වේගයෙන් රථය ධාවනය කර ඇති අතර පොලිස් නිලධාරියා බිම ඇද වැටීමෙන් අනතුරුව ඔහුගේ සිරුර මතින් රථය රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කලා.

මෙසේ තුවාල ලබා ඇත්තේ පුත්තලම නියෝජ්‍ය පොලිස් අධිකාරියේ කොට්ඨාශ දුෂණ මර්දන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක්.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.