ට්‍රම්ප් ගැන විශ්වාසය තැබිය හැකි බව ජපාන අගමැති කියයි

Friday, 18 November 2016 - 8:47

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජපාන අගමැති ෂින්සෝ අබේ ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඊයේ සාකච්ඡාවක නිරත වුණා.

නිව්යෝක් නුවර ට්‍රම්ප් කුළුණු ගොඩනැගිල්ලේ පැවති මෙම සාකච්ඡාව පැය එකහමාරකට අධික කාලයක් පැවති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබදව තමාට ඉහළ විශ්වාසයක් පවතින බවත්, ඔහුගේ නායකත්වය යටතේ ජපානය සහ ඇමරිකාව අතර, ශක්තිමත් සබදතාවක් ගොඩනැගීමට හැකිවනු ඇති බවත්, අගමැති ෂින්සෝ අබේ කියා සිටියා.

මේ අතර, බර්ලින් නුවරදී ජර්මන් චාන්ස්ලර් ඇන්ජලා මර්කල් හමුවීමෙන් අනතුරුව ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේ රුසියාව ඉදිරියේ ශක්තිමත්ව නැගිී සිටීමට ඇමරිකාව කටයුතු කළ යුතු බවයි.