හොරණ අනතුරකින් යතුරුපැදිකරුවෙකු මරුට

Friday, 18 November 2016 - 10:00

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හොරණ - බැල්ලපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටී සිදුවූ අනතුරකින් එක් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ හොරණ ප්‍රදේශයේ සිට බුලත්සිංහල දෙසට ගමන් කළ මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටී ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් ද ගැටී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි බුලත්සිංහල - දෙල්මෑල්ලල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෝටර් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.