උතුර හෙල්ලු තවත් 4 ක් අත්අඩංගුවට (ඡායාරූප)

Friday, 18 November 2016 - 10:28

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වව්නියාව ප්‍රදේශයේ කොල්ලකෑම් රැසකට සම්බන්ධ කණ්ඩායමක පුද්ගලයන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කලේ මෙම සැකකරුවන් මුහුණ ආවරණ කර ගනිමින් ව්‍යාපාරිකයන්ගේ නිවෙස් වෙත රාත්‍රී කාලයේ ඇතුලුවී මරණ තර්ජනය කර මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා ඇති බවයි.

වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල රුපියල් ලක්ෂ 37 කට ආසන්න ස්වර්ණාභරණ සහ දේපළ කොල්ලකා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් සතුව තිබු ස්වර්ණාභරණ / අත් බෝම්බ 2 ක් / තියුණු ආයුධ 4 ක් / මුහුණ ආවරණ කිරීමට යොදා ගත් රෙදි කැබලි 3 ක් / ත්‍රී රෝද රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් වව්නියාව පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

මීට පෙර අත්අඩංගුවට ගත් ආවා කල්ලියට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකු මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 



ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක