මරණාසන්න මොහොතේ පසුවු දැරියකට ලැබුනු ඉතිහාසගත වන අධිකරණ නියෝගය

Friday, 18 November 2016 - 10:59

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA
ඉතා දුර්ලභ ගණයේ පිළිකාවකින් පීඩා විඳ මරණාසන්න මොහොතේ සිටි දැරියකට ලැබුනු අධිකරණ නියෝගයක් පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

14 හැවිරිදි මෙම දැරියගේ සිරුර මරණයෙන් පසු සංරක්ෂණය කිරීමටයි ඇයගේ මව අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුනේ.

කෙසේවෙතත් දැරියගේ පියා එම ඉල්ලීමට ප්‍රතිචාරයක් දක්වා නැහැ.

දැරියගේ මෙන්ම මවගේ විශ්වාසය වී ඇත්තේ මරණයෙන් පසු යළිත් ඉපදීමට හැකියාව පවතින බවයි.

ඒ හේතුවෙන් දැරියගේ සිරුර සංරක්ෂණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුනා.

දීර්ඝ කාලයක සිට පැවති මෙම සිද්ධියට අදාළ විභාගය අවසානයේ දැරියගේ සිරුර සංරක්ෂණයට අවසර ලබාදී ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

ඒ දැරියගේ මරණයට සුලු මොහොතකට පෙර වීම ද විශේෂත්වයක්.

ඒ අනුව දැරියගේ සිරුරට කුමක් සිදුකරන්නේ ද යන්න මවට තීරණය කල හැකි බවටයි අධිකරණය ප්‍රකාශකර ඇත්තේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ මරණයට පත්වු දැරියගේ සිරුර ශීතාගාරයක තැන්පත් කිරීම සඳහා මේවන  විට අමරිකාවට රැගෙන විත් ඇතැයි සඳහන්.

පසුගිය මාසයේ සිදුවු මෙම නඩු තීන්දුවේ තොරතුරු පළමු වරට මාධ්‍යයට අනාවරණ වී ඇත්තේ සිරුර අමරිකාවට රැගෙන ආ අද දිනයේදීයි.

කෙසේවෙතත් ලන්ඩනය ආසන්නයේ ජීවත්වු 14 හැවිරිදි දැරියගේ නම හෝ අනන්‍යතාව හෙළිවන කිසිදු කරුණක් මෙතෙක් අනාවරණ වී නැහැ.