අමරිකාවේ හිටපු තානාපති රිමාන්ඩ්

Friday, 18 November 2016 - 12:06

%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අමරිකාවේ හිටපු තානාපතිවරයකු වන ජාලිය වික්‍රමසුරිය ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඊයේ රාත්‍රී කටුනායක ගුවන්තොටුපලේදී ජාලිය වික්‍රමසුරිය අත්අඩංගුවට ගනු ලැබුවා.

අමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි සමයේ ඩොලර් 245,000 ක මුල්‍ය වංචාවක් සිදුකල බවටයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.