2500 අවම දඩයට විරෝධය පළ කර දකුණේ බස් වර්ජනයක්

Friday, 18 November 2016 - 12:13

2500+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙවර අයවැයෙන් මාර්ග නීති කඩ කිරිම් සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ දැමිමට එරෙහිව දකුණු පළාතේ මාර්ග කිහිිපයක පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමයේ කැදවුම්කරු කුමාර රත්න රේණුක සදහන් කළේ ගාල්ල, මාතර, තංගල්ල සහ කතරගම යන නගර වලින් ආරම්භ වන සියඵම පෞද්ගලික බස් රථ වල සේවකයින් මෙම වර්ජනය සදහා එක්ව සිටින බවයි.

ඊයේ දිනයේදිද අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ දැමිමට එරෙහිව කඵතර, පානදුර සහ හොරණ යන නගර වලින් ආරම්භ කරන පෞද්ගලික බස් රථ වල සේවකයින් වර්ජනයක නිරත වූණා.

සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමයේ කැදවුම්කරු කුමාර රත්න රේණුක වැඩිදුරටත් සදහන් කළේ රජය අද දිනය තුළ මීට නිසි විසදුමක් ලබා නොදුනහොත් හෙට සිට දිවයින පුරා බස්රථ ධාවනයෙන් ඉවත් වන බවයි.