ශ්‍රී ලාංකිකයන් තිස් දෙදෙනෙකු අයි.එස්. ත්‍රස්තයන් අතර

Friday, 18 November 2016 - 19:07

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB
ශ්‍රී ලාංකික පවුල්  හතරකට අයත් සමාජිකයින් 32 දෙනෙකු සිරියාවේදී අයි.එස් සංවිධානයට සම්බන්ධ වී ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

එසේම මෙරට ඔත්තු සේවා කිහිපයක් විදේශ රටවල් තුළ සාර්ථකව ක්‍රියාත්මක වන බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදී අවධාරණය කළේ.

‘‘අයි.එස් සංවිධානය ගැන විශාල බයක් අපේ රටේ තියනවා. අපි දන්නවා වේවායේ තොරතුරු. අපේ රටේ විදේශ බුද්ධි අංශ කිහිපයක් මේ වන විට ක්‍රියාත්මකයි. අද ඊයේ විතරක් නෙමෙයි මේවා කාලයක් තිස්සේ තිබුනා. ඒවා ඊට වැඩි වේගෙකින් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ පවුල් හතරකට සම්බන්ධ 32 ක් මේ ඔක්කොම සාමන්‍ය මුස්ලිම් පවුල්වල අය නෙමෙයි. මේ උගත් කියලා සමාජයේ වැදගත් කියලා පිලිගන්න පවුල් වල හතරක් සම්බන්ධයි. ඒ පවුල්වලට අදාල 32 දෙදෙනෙක් සිරියාවට ගිහිල්ලා මේ අයි.එස් කටයුතු වල යෙදිලා තියෙනවා.ඒ එක්කම ගරු සභාපතිතුමනි දැන් සමහර මුස්ලිම් පාසල් වල  දේශන පවත්වන්න එනවා සමහර ගුරුවන් කියලා ගුරුවරු කියලා නෙමෙයි එන්නේ සංචාරක විසා මත ඒ අය ඒන්නේ. ඇවිල්ලා මුස්ලිම් පාසල්වල වල බේරුවල කල් මුනේ කල් එලිය කුරුණෑගල ආයතන කිහිපයක මේ අය ගිහිල්ලා මේ උදවිය ගිහිල්ලා මේ වපුරනවා විකෘති කරනවා මනස දරුවන්ගේ මේ අන්තවාදය උගන්නවා. දැන් මේ හරහා බරපතල ගැටලූවක් අපේ රටේ ඇති වෙනවා. දැන් මේ මුස්ලිම් සංවිධාන ගත්තම දැන් මේ මුස්ලිම් සංවිධාන ගත්තම තබ්ලික් ජවර්ඞ් තවුපික් ජවාඞ් සුන්නත් වාල් ජබාද් ගමාතේ ඉස්රාම් කියලා ඒ සංවිධානාත්මකව තියෙන නිකාය හතරක්ම මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ උදවියත් කොටා ගන්නවා ඒ උදවියත් මරාගන්නවා.සමහරක් ස්ථාන වලත් මිනිමරුම් වෙලා තියෙනවා.බරපතල සිද්ධී 15ක් වාර්තා වෙලා තියෙනවා. දැන් මේක ඒ උදවියගේ අභ්‍යන්තර අරගලය මේ රටේ අරගලයක් බවට පත් කරලා මේ  රට නැවත අරාජිත කරන්න නැවත අපි ඉඩදෙන්නේ නෑ කියලා නැවතත් අපි කියනවා. අපට අපාරාධ නඩු විදාන සංග්‍රහයේ යෝජනා සංශෝධනය කරන්න තියෙනවා. අපේ රටේ ත්‍රස්තවාදය වැලැක්විමේ පනත වෙනුවට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතින්ට අනුකුල ඊට වැඩිය හොද පනත් ගේන්න  ඕන කියලා යෝජනා තියෙනවා. අපි පැහැදිලිව කියනවා ජාත්‍යන්තරය කුමක් කිවත් අපේ රටේ මේ වගේ ජාතිවාදි ප්‍රශ්න මේ රට ලේ විලක් කරන්න දරන උත්සහය වලක්වන්න මෙතෙක් මේ ත්‍රස්තවාදි පනත ක්‍රියාත්මක නොකර තිබුනත් අපි ඉදිරියේදි ක්‍රියාත්මක කරනවා. මේ වගේ තත්ත්වයක් ඇති වුනොත් කිසිසේත් අපෙන් සමාවක් නෑ. අපි නිතිය ක්‍රියාත්මක කරනවා නිතිය දරදඩු එකක් වෙන්න පුලුවන්.’’