හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ ගත කිරීමට කිසිදු අදහසක්, සාකච්ඡාවක් හෝ වුවමනාවක් නොමැති බව ඔහුගේ පියා පවසයි.....

Friday, 18 November 2016 - 19:35

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%94%E0%B7%84%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92.....
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත කිරීමට කිසිදු අදහසක්, සාකච්ඡාවක් හෝ වුවමනාවක් නොමැති බව ඔහුගේ පියා පවසනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඔහු විදේශගත කිරීමේ සූදානමක් පවතින බවට පළ වන ඇතැම් මාධ්‍ය වාර්තා, ද්වේෂසහගත අරමුණකින් යුතුව සිදුකරන අසත්‍ය ප්‍රචාරයන් බවයි.

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශයකට රැගෙන යාමට උත්සාහ දරණ බවට පුවත්පත් ඇතුළු වෙබ් අඩවි මගින් සිදුකරන ප්‍රචාරයන්, දේශපාලනික වුවමනාවන් මත සිදුවන්නක්යැයි පෙනී යන බවයි ඔහුගේ පියා පවසන්නේ.

දුමින්ද සිල්වා යනු හිසට වෙඩි දෙකක් වැදුණු අසාධ්‍ය රෝගියෙකු බවත්, එම රෝගී තත්ත්වයට නිරන්තරයෙන් ප්‍රතිකාර අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව පසුගිය දිනෙක සිදුව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ රෝගී තත්ත්වය උත්සන්න වූ අවස්ථාවක බන්ධනාගාර නිලධාරීන් විසින්ම ඔහුව ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන යාම පමණයි.

එලෙස එම රෝහලට රැගෙන ගොස් ඇත්තේ ඔහුගේ  හිසට වෙඩි වැදුණු මාරාන්තික අනතුරෙන් පසු ශල්‍යකර්මය සිදුකළේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න නිසාවෙන් සහ රෝගියා යළි පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කිරීමට සුදුසු එම වෛද්‍යවරියට බව බන්ධනාගාර නිලධාරීන් විසින් තීරණය කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රැගෙන ගිය අවස්ථාවේ එම රෝහලෙන් කිසිදු පරීක්ෂාවක් හෝ ප්‍රතිකාරයක් නොකර නැවත හරවා එවා ඇති බවට වාර්තා වනවා.

එලෙස හරවා යැවීමට හේතුව සිරකරුවන් හට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම රෝහල විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් බව රෝහල් බලධාරියෙකු වෙබ් අඩවියකට ප්‍රකාශ කර තිබුණා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පියා වන ලාල් සිල්වා කියා සිටියේ ඇතැම් මාධ්‍ය සහ වෙබ් අඩවි මගින් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් තම පුතු වන දුමින්ද සිල්වා සිංගප්පූරුවට රැගෙන යන බවට සදහන් කර ඔහු සහ පවුල අපහසුතාවයට පත් කළ බවයි.

මීට පෙර නඩු විභාගය පවතින අවස්ථාවලදී බලපෑම් කිරීමේ අදහසින් මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවා තම පටු අභිලාෂයන් ඉටු කර ගැනීමට සැලසුම් සහගතව කටයුතු කරන පිරිසක් සිටි බව ඉතා පැහැදිලිව සඳහන් කළ යුතු යැයි ඔහු ප්‍රකාශ කළා.

බන්ධනාගාර නීති අනුව හිටපු මන්ත්‍රීවරයා පෞද්ගලික රෝහලකට හෝ ප්‍රතිකාර සඳහා රැගෙන යාමට නොහැකි බව සඳහන් කළ ඔහු, හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා විදේශ රටකට රැගෙන යාමට කිසිදු අදහසක්, සාකච්ඡාවක් හෝ වුවමනාවක් නොමැති බව අවධාරණය කළේ මෙවැනි තත්ත්වයන් හේතුවෙන්, ඔහුගේ ජීවිතයට ඇති වන හානිය පිළිබඳව තමන් බියෙන් පසුවන බව ද සඳහන් කරමින්.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පියා වන, ලාල් සිල්වා

''සමහර මාධ්‍ය සහ වෙබ් අඩවි මගින් මගේ පුත් දුමින්ද සිල්වාව සිංගප්පූරුවට යැවීමට සැලසුම් කරන බවට බොරු ප්‍රචාර පතුරවමින් අප පවුල සහ දුමින්දව අපහසුතාවයට පත්කරමින් සිටිනවා. මීට පෙර අවස්ථාවලදීත් නඩු විභාගය පවතින අවස්ථාවලදී බලපෑම් කරන අදහසින් මෙවැනි බොරු ප්‍රචාර පතුරවමින් තමන්ගේ පටු අභිලාෂයන් ඉෂ්ඨ කර ගැනීමට ප්‍රෝඩාකාරීව, සැලසුම්සහගතව කටයුතු කරන පිරිසක් සිටින බව ඉතා පැහැදිලිය.දුමින්ද සිල්වාව සිංගප්පූරුවට ගෙනයාමට අපට කිසිම අදහසක් හෝ සැලසුමක් හෝ බලාපොරොත්තුවක් නැහැ.දවස් 20 ක් පමණ සිරකූඩුවේ සිට රෝගී තත්ත්වයට පත්වූ නිසා බන්ධනාගාර නිලධාරීන් ඔහුව බන්ධනාගාර රෝහලට මාරු කළා.එයත් ඔහු දවස් 2 ක් පමණක් බන්ධනාගාර ගතවී සිටිය බවට ඉන් පසුව රෝහල් ගතවූ බවට බොරු ප්‍රචාරයක් පැතිරුවා.හිසට වෙඩි උණ්ඩ 2 ක්වැදී යකඩ කැබලි තවමත් මොළයේ පතිතවී තිබෙන කෙනෙකුට ස්ට්‍රෙස් හා කෝමා තත්ත්වයන් නිසාත්, පෝෂදායක ආහාර නොමැති නිසාත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති නිසාත්, බන්ධනාගාර රෝහලෙන් ඔහුව ශල්‍යකර්මයකොට මුල ඉඳන්ම අවුරුදු 5 ක් පමණ ඔහුට ප්‍රතිකාර කරපු ඔහුගේ රෝගී තත්ත්වයන් හොඳට දන්නා වෛද්‍යවරිය සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලට යවා තිබුණත් පරිපාලන හේතු මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් මේ රෝගියාව භාර නොගෙන නැවත බන්ධනාගාර රෝහලට යවා තිබුණා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ඔහුව භාර නොගන්නා නිසාත් ඔහුගේ තත්ත්වය පරීක්ෂා කර සමාලෝචනය කිරීමට මෙම වෛද්‍යවරිය සිටින වෙනත් පෞද්ගලික රෝහලකට බන්ධනාගාර නීතිය අනුව යැවීමට නොහැකි නිසාත්, මගේ පුතාගේ ජීවිතයට අනතුරක් වියහැකි නිසාත්, අපි ඉතා අසරණ තත්ත්වයට පත්වී සිටිනවා. බලපෑම් කරන අදහසින් පෞද්ගලික හේතූන් මත වෙබ් අඩවි පාවිච්චි කරමින් ඇතැමුන් කරන මෙවැනි බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් සියලුදෙනාගෙන්ඉල්ලන අතර, දුමින්ද සිල්වාට සිංගප්පූරුවට ගෙන යාමට අපිට කිසිම අදහසක් හෝ සැලසුමක් හෝ බලාපොරොත්තුවක් හෝ නොතිබුණ බව වගකීමෙන් පවසන අතර, ඔහුගේ ජීවිතයට ඇතිවෙමින් පවතින හානිය ගැන අපි ඉතා බියෙන් පසුවෙනවා.''





බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා මහතාගේ සොහොයුරිය ඇගේ ෆේස්බුක් පිටුවේ මේ පිළිබඳව සටහන් කර ඇති අයුරු...




දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි දෙකක් වැදී දරුණු මාරාන්තික අනතුරක් වූ පසුව ශල්‍යකර්ම සිදුකළ අයුරු දැක්වෙන ඡායාරූප පහතින්..