දකුණේ බස් වර්ජනය තවදුරටත් - කොළඹට පැමිණි බස් කිහිපයකට ගල් ප්‍රහාර

Saturday, 19 November 2016 - 8:31

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
දකුණු පළාතේ මාර්ග කිහිිපයක ඇරඹූ පෞද්ගලික බස් රථ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

බස් රථ සේවකයන් අද දිනයේදී වර්ජනය අවසන් කර කොළඹ බලා බස් ධාවනය කර තිබූ නමුත්, අලුත්ගම, බූස්ස සහ රත්ගම ප්‍රදේශවලදී එම බස් රථවලට ගල් ප්‍රහාර එල්ල වූ බවයි මාතර මගී ප්‍රවාහන සංගමයේ සභාපති අරුණ හල්පගේ කියා සිටියේ.

ඒ හේතුවෙන් තවදුරටත් බස් ධාවනයෙන් වැලකී සිටීමට තීරණය කළ බව ද ඔහු සඳහන් කළා.

මාර්ග නීති කඩ කිරිම් සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ දැමීමට එරෙහිව දකුණු පළාතේ අන්තර් පළාත් බස් රියදුරන් සහ සහයකයින් ඊයේ දිනයේදී මෙම වර්ජනය ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත්, අද උදෑසන බස් රථවලට ගල් ප්‍රහාර එල්ල වූ බව පැවසෙන ප්‍රදේශවල පොලිස් ස්ථාන සඳහන් කළේ එවැනි ප්‍රහාර එල්ල වූ බවට තොරතුරු ලැබී නොමැති බවයි.