ගුරුවරුන්ට ලබන වසරේ සිට තහනම් වන දේ

Saturday, 19 November 2016 - 13:21

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
ලබන වසරේ සිට ගුරුවරුන්ට, පාසල් සිසුන්ගෙන් තෑගි භෝග ලබා ගැනීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ගිරිඋල්ල - නක්කාවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ අද උදෑසන පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

දෙමව්පියන්ගෙන් ලැබුණු සංවේදී ඉල්ලීම් රැසක් සළකා බැලීමෙන් අනතුරුව තමා මෙම තීරණයට එළඹි බවයි එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ

ඊට අදාළ චක්‍රලේඛයට තමන් මේ වන විට අත්සන් තබා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.