මොළේ උණ පතුරුවන මදුරු විශේෂයක් කොළඹට

Saturday, 19 November 2016 - 18:29

%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
මොළේ උණ පතුරුවන මදුරු විශේෂයක් කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුනි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සවස 6 ත් රාත්‍රී 10 ත් අතර කාලය තුළ එම මදුරු විශේෂය දෂ්ඨ කිරීමේ හැකියාවක් පවතින බවයි.

බරවා රෝගය පතුරුවන මදුරු විශේෂ ඝණයට අයත් කියුලෙක්ස් ජෙලිඩර්ස් නමැති මෙම මදුරුවා ප්‍රමාණයෙන් ඉතා කුඩා බව ද ඔහු සදහන් කළා.

එම මදුරුවා දෂ්ඨ කිරීමෙන් පසු එම ස්ථානවල දැවිල්ල, කැසීම සහ රතු පැහැ ගැන්වීම වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුනි කියා සිටියේ.