ත්‍රී රෝද රථ රියදුරු බලපත්‍රය ලබාගැනීමට හැකි වයස් සීමාව ඉහළ නැංවීමට තීරණයක්

Saturday, 19 November 2016 - 19:20

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ රියදුරු බලපත්‍රය ලබාගැනීම සදහා මෙතෙක් පැවති අවුරුදු 18 අවම වයස් සීමාව අවුරුදු 25 දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා සදහන් කළේ මගී ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මේ වන විට අප රට තුළ තිබෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවනවා.

ඉන් ලක්ෂ 8 ක් දිනපතා ධාවනයේ යෙදෙනවා.

ඒ අනුව ත්‍රිරෝද රථ මේ වන විට මෙරට ප්‍රවාහන පද්ධතියට සැළකිය යුතු දායකත්වයක් සපයන අතරම දෛනිකව සිදුවන රිය අනතුරු වලින් දෙවන තැන පසුවන්නේ ද ත්‍රී රෝද රථ අනතුරුයි.

මේ වසරේ ගතවු මාස 10 තුළ පමණක් ත්‍රී රෝද රථ අනතුරු වලින් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 326 ක්.

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසන්නේ, ත්‍රිරෝද රථ සේවාවට යොමුව සිටින තරුණ රියැදුරන් මගී ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමුනොකරන බවයි.