Update : අංකුඹුර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට

Sunday, 20 November 2016 - 16:45

Update+%3A+%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහනුවර - අංකුඹුර - බැබිලගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටි කබල්ගස්තැන්න ප්‍රදේශයේදී සැකකරු ටී - 56 ගිනි අවියක් සහ උණ්ඩ 20ක් සමඟ  අත්අඩංගුවට ගත් බවයි.

ඝාතනයට පැමිණි අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීම මත පොලිස් කණ්ඩායම් 6ක් යොදවා තිබෙනවා.

අද උදෑසන 8.40ට පමණ මහනුවර - අංකුඹුර - බැබිලගොල්ල ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානය අසළ රැදී සිටි  පුද්ගලයින් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළා ගොස් තිබුණා.

තුවාල ලැබූ දෙදෙනා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සදහන් කළේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බැබිලගොල්ල - ගල්හින්න ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

සිද්ධියෙන් තුවාල ලැබූ 21 හැවිරිදි තරුණයා මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයබන්දු හේරත් සඳහන් කළේ.

මේ අතර, වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි රතු පැහැති මෝටර් රථය ද පූජාපිටිය ප්‍රදේශයේ දමාගොස් තිබියදී හමුවී තිබෙනවා.

පෞද්ගලික අමනාපයක් හෝ ව්‍යාපාරික හේ්තුවක් මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.




Update : Sunday, November 20, 2016 19.39
---------------------------------------------------

මහනුවර - අංකුඹුර - බැබිලගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් පත් කර තිබෙනවා.

ඝාතනයට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා  විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

අද උදෑසන 8.40ට පමණ බැබිලගොල්ල ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානය අසළ රැදී සිටි  පුද්ගලයින් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළා ගොස් තිබුණා.

පසුව තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සදහන් කළේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව එක් පුද්ගලයෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බවයි.