ආවා කල්ලිය නිර්මාණය වූ හැටි ඇමති රාජිත පහදයි

Sunday, 20 November 2016 - 18:25

%E0%B6%86%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
2015 වසරේ පැවැති මැතිවරණයේදී උතුරේ ඡුන්ද මංකොල්ල කෑම සඳහා ‘ආවා’ නමැති කල්ලිය බිහි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

වව්නියාව ප්‍රදේශයේ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඔය කියන මොකෙන් හරි අත්අඩංගුවට ගන්න ඕනි ඒ අය. මංකොල්ලකෑවත්, ත්‍රස්තවාදය කළත් දෙකම එකයි. රටේ මිනිස්සුන්ටනේ මෙකෙන් පාඩුව තියෙන්නේ. ඉතින් මොන නීතියක් යටතේ හරි මේ අයට දැඩි දඩුවම් දෙන්න  ඕනි. නැත්නම් නීති හොයලා හරි දඩුවම් කරන්න  ඕනි. මේ අය මංකොල්ලකෑවට නන්නත්තාර වෙලා ඉන්නේ. එදා  ඕක හැදුවේ වෙනත් වෙනත් බලාපොරොත්තු සහගතව. විශේෂයෙන්ම 2015 මැතිවරණයේදී ඡුන්ද මංකොල්ල කන්න තමයි මේවා හැදුවේ. නමුත් ඒවා අසාර්ථක වුණා. ඒවා හදපු අය අපි ඔක්කොම දන්නවා. නම් ගම් එක්කම සියලු වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඒවගේ නිර්මාතෘවරුන් තමයි අද කියන්නේ ආරක්ෂාව මදි කියලා. ඒගොල්ලන් ආස ඒකට තමයි. එහෙම එකක් ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ අය දැන් දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී විදියට බලයට එන්න බැහැ කියලා. ඒ නිසා ?ට හිනෙන් දකිනවා ඇති හමුදා කුමන්ත්‍රණයකින් බලයට එන හැටි. නමුත් ඒවා හීන විතරයි.

මෙවර අයවැයෙන් උතුරු පළාත් සභාව හැරෙන්නට වෙනත් පළාත් සභාවලට මුදල් ප්‍රතිපාදන කප්පාදුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා

සමහර පළාත් සභාවලට වෙන් කරපු මුදල් අඩු නම් ඒ ගැන හොයලා මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන දෙන්න  ඕනි. අලූත් ව්‍යවස්ථා සංශෝධනවලින් සාකච්ඡා කරලා තියෙන්නේ රටේ ආදායමෙන් සියයට 40ක් පළාත් සභාවලට වෙන් කරන්න කියලා. එවැනි තීන්දුවක් ආවම ඔය ප්‍රශ්න නිරාකරණය වෙනවා.