අංකුඹුර ඝාතනයේ දෙවන සැකකරුත් අත්අඩංගුවට

Monday, 21 November 2016 - 8:06

%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහනුවර - අංකුඹුර - බැබිලගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඊයේ උදෑසන 8.40ට පමණ මහනුවර - අංකුඹුර - බැබිලගොල්ල ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානය අසළ රැදී සිටි  පුද්ගලයින් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළා ගොස් තිබුණා.

මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, අනෙක් පුද්ගලයා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

සිද්ධියෙන් මිය ගියේ බැබිලගොල්ල - ගල්හින්න ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.