Update : කොල්ලකරුවන් බෝම්බයකුත් සවිකරලා.

Monday, 21 November 2016 - 10:41

Update+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F.
ගම්පහ නගර මධ්‍යයේ පිහිටි සය මහල් වෙළඳසැලක අද (21) උදෑසන පිපිරීමක් සිදුවුණා.

පොලීසිය සඳහන් කළේ වෙළඳසැළ කොල්ලකා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එහි හිමිකරු සමඟ ගිය අවස්ථාවේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් පිපිරීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.

අදාළ වෙළඳසැලේ හිමිකරු අද උදෑසන වෙළඳසැල විවෘත කිරීමට පැමිණ ඇති අතර, එහි දොරටුවක් විවෘත කර ඇති බවට මුරකරු විසින් ඔහුට දැනුම්දී තිබෙනවා.

පසුව පොලිසියට මේ පිළිබඳ කරන ලද දැනුම්දීමකට අනුව මුදල් තැන්පත් කර ඇති වෙළඳසැලේ කාර්යාලයට පොලිසිය ගොස් ඇත්තේ හිමිකරුද සමඟයි.

එහි ස්වයංක්‍රිය දොරටුව විවෘත කිරීමත් සමඟ එක්වරම පිපිරීමක් සිදුව ඇති බවයි ගම්පහ පොලීසියේ නිලධාරියෙකු සඳහන් කළේ.

වෙළඳසැල කොල්ලකෑමෙන් පසු කොල්ලකරුවන් පුපුරණ ද්‍රව්‍ය යෙදූ උපකරණයක් දොරටුව අසළ සවිකර පලාගොස් ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඔවුන් විසින් රුපියල් දස ලක්ෂයකට ආසන්න මුදලක් මෙලෙස වෙළඳසැලෙන් කොල්ල කා තිබෙනවා.

කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලිසිය විශේෂ මෙහෙයුමක්ද  ආරම්භ කර ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


 

Update : Monday, November 21, 2016 13.15
------------------------------------------------------

ගම්පහ නගරයේ වෙළඳසැලක අද අලුයම කිිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වෙළඳසැල කොල්ලකන බවට ලැබුණු තොරතුරකට අනුව කරුණු සොයාබැලීම සඳහා ගිය අවස්ථාවේදි මෙම පිපිරීම සිදුවූ බවයි.  

පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ