විමල්ට එරෙහි ජවිපෙ නඩුවට දින නියම කරයි

Monday, 21 November 2016 - 13:03

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නැත්ත වෙනුවට ඇත්ත කෘතිය පළ කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් රුපියල් මිලියන 100ක ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පවරා ඇති නඩුව ලබන වසරේ මාර්තු මස 10 සහ 15 විභාග කිරීමට කොළඹ වානිජ මහාධිකරණය දින නියම කළා.

ඒ කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න හමුවේ මෙම නඩුව අද (21) කැදවූ අවස්ථාවේදීයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව එවකට පැවති රජය සමඟ එක්වීමෙන් පසු බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කරමින් රචිත මෙම නැත්ත වෙනුවට ඇත්ත කෘතිය මුද්‍රණය සහ බෙදාහැරීම වලක්වාලමින් මේවනවිට නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.