යහපාලනයේ නීතිය කාටත් පොදු විය යුතුයි - පිවිතුරු හෙළ උරුමය

Monday, 21 November 2016 - 20:26

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA
මෙරට මුදල් සඟවාගෙන සිටින්නේ කවුරුන් ද යන්න දැන ගැනීම සඳහා රුපියල් 5000සේ නෝට්ටුව තහනම් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිළ පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ පිළිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක, මධුමාධව අරවින්ද කියා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ හිස පසාරු වන ලෙස වෙඩි තැබීම සම්බන්ධයෙන් පමණක් නීතිය ක්‍රියාත්මක නොවීම කෙරෙහි අවදානය යොමු කළ යුතු බවයි.

උදය ගම්මන්පිල - ප්‍රධාන ලේකම් පිවිතුරු හෙළ උරුමය

මම යෝජනාවක් ලෙස සදහන් කරනවා ශ්‍රී ලංකාවේ කළු සල්ලි සගවාගෙන සිටින්නේ රාජපක්ෂවරුද, නැත්තම් මහ බැංකු හොරුද කියන එක දැන ගැනීම සදහා ලංකාවේ රුපියල් 5000 නෝට්ටුව තහනම් කරන්න. දෙවැනි යෝජනාව තමයි රුපියල් දස ලක්ෂයට වඩා වටිනාකමින් යුත් රත්තරං , මැණික්, මුතු සහ දියමන්ති කාට හරි යම් අයෙක් විකුණුවානම් ආදායම් බදු දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් හෝ දූෂණ කොමිසමට හෝ මේ නම යැවීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. අද හැබැයි වෙලා තියෙන්නේ ලෝකය බලන තරු 05 හෝටල් වල නරත වෙලා සැප ගන්න ව්‍යාපෘතියක් බවට සොරකම් කළ රාජ්‍ය දේපල සෙවීම පත් වෙලා තියෙනවා. විජේදාස රාජපක්ෂ ඇමතිතුමා ඉතාම අභීතව මේ මුස්ලිම් අන්තවාදය ගැන කතා කළා. ආණ්ඩුව හැමදාම කළේ මුස්ලිම් අන්තවාදය ඉදිරියේ අඳ, ගොලු, බිහිරි රංගනයක යෙදීමයි. අපිට තියෙන තොරතුරු අනුව මුස්ලිම් අන්තවාදය ඉඩ අරිමින් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ ආණ්ඩුවට අද අවශ්‍යයි සිංහල - මුස්ලිම් ගැටුමක්. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මුස්ලිම් සිංහල කෝලාහලයක වගකීම ඔවුන් මත පටවලා, ඔවුන්ව සිරගත කරලා ජනමත විචාරණය පැවැත්වීම ආණ්ඩුවේ උපා මාර්ගය වී ඇති බව අපිට තොරතුරු ලැබී තිබෙනවා.

මදුමාධව අරවින්ද - ජාතික සංවිධායක පිවිතුරු හෙළ උරුමය

නීතිය හදන්න තියෙන තැන ඉන්න අය විශේෂයෙන් අපි ගමු රන්ජන් රාමනායක මැතිතුමා, පාලිත තෙවරප්පෙරුම මැතිතුමා උදේ ඉඳලා හොරු අල්ලන්න යනවා. තමිල්නාඩු චිත්‍රපටවල වගේ නීතිය කෙසේ වෙතත් ඔවුන් හොරු අල්ලන්න යනවා. හොරුන්ව අල්ලන්න දාලා තියෙන පොලිසිය නීතිය නවනවා. නීතිය සම්බන්ධවත් මේ කාරණාව අපිට අහන්නට තියෙනවා. භාරත ලක්ෂ්මන් මැතිතුමාගේ මරණයේ වෙඩිල්ලේ අයිතිකරුවා සෙවීම නීතියේ වගකීමක්. නමුත් දුමින්ද සිල්වාගේ හිස පසාරු කරගෙන ගිය උණ්ඩයට අයිතිකරුවෙක් සෙවීම නීතියට අයිති නැතිද? දුමින්ද සිල්වා කියන දේශපාලනඥයා අද වෙනකොට රෝගාතුරව සිටින්නේ. ඒ මොකක්වත් හින්දා නෙමෙයි ඔහුගේ හිස පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩයක් නිසා. හැබැයි ඔහුගේ වෙඩි උණ්ඩයේදී ඒ නීතිය ආණ්ඩු පක්ෂය නිසා ඉතාමත් සහසික ලෙස අතහැරලා තියෙනවාද? නැත්නම් ඊට අයිතිකාරයෙක් හිටියේම නැද්ද කියන ප්‍රශ්නෙත් අපිට මතුවෙනවා.