රුපියල් 25,000සේ දඩයට දකුණු පළාත් බස්රථ හිමියන්ගේ සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ විරෝධය

Tuesday, 22 November 2016 - 7:14

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+25%2C000%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%BB%E0%B6%AE+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
මාර්ග නීති උල්ලංඝනය කිරිම් 7ක් සඳහා රුපියල් 25,000ක අවම දඩ මුදල පැනවීම සාධාරණ නොවන බව දකුණු පළාත් බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති චන්දන ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අනෙකුත් සංගම් සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර, අදාල දඩ මුදල සම්බන්ධයෙන් සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමයේ ලේකම් ලලිත් ධර්මසිරි කියා සිටියේ අදාළ දඩය සියලු දෙනාට පොදුවේ එක් නීතියක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි.

එසේ නොමැති නම් එහි ප්‍රතිඵලයක් නොමැති බවයි.

මාර්ග නීති උල්ලංඝනය කිරීම් 7කට අවම දඩය රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීම සදහා මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී තීරණය වුණා.

මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම බස් රථ, පාසල් ප්‍රවාහන සහ ත්‍රිරෝද රථ සංගම්වල නියෝජිතයන් ද එකව සිටියා.

ඒ අනුව බීමත්ව රිය ධාවනය, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය.

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව පුද්ගලයෙකුට රථ වාහන ධාවනයට ඉඩ සැලසීම.

අධික වේගය.

වම් පසින් ඉස්සර කිරීම.

දුම්රිය හරස් මාර්ග නීති උල්ලංගණය කිරීම සහ රක්ෂණ සහතිකය නොමැතිව රිය ධාවනය කිරීම, දඩ නියම වන රථ වාහන වැරදි වනවා.