අම්බලන්තොට පොළොවෙන් මතුවූ ජාතික හැඳුනුම්පත් තොගය මෙන්න

Tuesday, 22 November 2016 - 7:32

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
අම්බලන්තොට - බැමිනියන්විල ප්‍රදේශයේ වළ දමා තිබූ ජාතික හැදුනුම්පත් තොගයක් හමුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක එහි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් ඇළ මාර්ගයක ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් සිටින විට ඊයේ මෙලෙස වළ දමා තිබූ ජාතික හැඳුනුම්පත් තොගය හමුවූ බවයි.

එහි තිබී ජාතික හැදුනුම්පත් 1050ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

අදාළ හැදුනුම්පත් තොගය පොලීතින් මළුවල දමා වළ දමා තිබූ බව සඳහන්.  

මෙම  හැදුනුම්පත් පසුගිය භීෂණ සමයේ වළ දැමූ බවට සැක මතුවන බව ද පොලීසිය සදහන් කළා.

මෙලෙස හමුවූ හැඳුනුම්පත් තොගය හුංගම සහ අම්බලන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

එම හැදුනුම්පත් තොගය අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.