දැන් තියෙන්නේ පොලිස් පාලනයක් - මහින්ද

Tuesday, 22 November 2016 - 7:34

%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
වත්මන් ආණ්ඩුව දැනටමත් පොලිස් පාලනයක් ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

කෑගල්ල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හමුදා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය පිළිබඳවයි.