ඩොනල්ඩ් ට්‍රම්ප් ටී - පීපී වෙළඳ ගිවිසුමෙන් ඉවත් වෙයි

Tuesday, 22 November 2016 - 7:41

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A7%E0%B7%93+-+%E0%B6%B4%E0%B7%93%E0%B6%B4%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලෝක ආර්ථිකයෙන් සියයට 40ක් නියෝජනය කරන රටවල් 12ක් සමඟ අත්සන් තැබූ ටී - පී පී හෙවත් අන්තර් පැසිෆික් සහයෝගීතා වෙළඳ ගිවිසුමෙන් තමා ජනාධිපති ධුරයේ වැඩ භාර ගන්නා පළමු දිනයේදීම ඉවත් වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

ජපානය, මැලේසියාව,  ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව සහ මෙක්සිකෝව ද ඇතුළත් මෙම ගිවිසුමට 2015 වසරේදී අත්සන් තැබූ අතර, එය මෙතෙක් ක්‍රියාවට නංවා නැහැ.

ඇමරිකානුවන්ගේ රැකියාවලට බලපෑම් ඇති කරන ගල් අඟුරු නිෂ්පාදනයට බලපාන සීමාවන් ද සිය ප්‍රථම දිනයේදී ඉවත් කරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.