පේදුරුතුඩුවේදී පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක්

Tuesday, 22 November 2016 - 8:32

%E0%B6%B4%E0%B7%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පේදුරුතුඩුව - කැටේ හන්දිය පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට සැක කටයුතු පිරිසක් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබෙනවා.

ඊයේ අලුයම එම මාර්ග බාධකය පසු කර යෑමට පැමිණි පිරිසක් සෝදිසි කිරීමට යාමේදී ඔවුන් පොලිස් නිලධාරින්ට මෙලෙස මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන්.

මෙම පිරිස කේරළ ගංජා ජාවාරම්කරුවන් බවට සැක කළ හැකි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මිරිස් කුඩු ප්‍රහාරයට ලක්වූ එක් පොලිස් නිලධාරියෙකු පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කර ඇති බව සදහන්.