මට්ටක්කුලිය කාකදූපතේ මෙහෙයුමකින් 6 දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 22 November 2016 - 11:03

%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%9A%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මට්ටක්කුලිය - කාකදූපත ආශ්‍රිත ප්‍රදේශයේ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද උදෑසන දියත් කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශයේ මත්කුඩු පවතින බවට ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම දියත් කළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත්, එහිදී මත්කුඩු සොයා ගැනීමට හැකි වී නැහැ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් ඇගිලි සලකුණු ලබා ගැනීමෙන් පසු ඔවුන්ව මුදා හැරීමට පියවර ගත් බව විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියා සඳහන් කළා.