මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු නිලධාරියෙකුගෙන් තර්ජන

Tuesday, 22 November 2016 - 12:35

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1
කථානායක අසුනේ වෙනත් පුද්ගලයෙකු අසුන් ගැනීම තමන්ට ගැටළුවක් නොවන බව කථානායක කරු ජයසූරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථාවේ තුන්වන දින විවාදය සඳහා අද පාර්ලිමේන්තු උදෑසන 9.30ට රැස්වුණා.

එහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ගමගේ නැගූ ප්‍රශ්නයකට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ තවමත් ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ ප්‍රශ්නයක් යොමු කරමින් කියා සිටියේ කථානායක අසුනේ පාර්ලිමේන්තු නිලධාරියෙකු අසුන් ගැනීම සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජන එල්ල වී ඇති බවයි.

එම අවස්ථාවේදී ඊට කථානායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ද මැදිහත් වුණා.

ඒ සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම සොයා බලන බව කථානායක කරු ජයසූරිය එහිදී කියා සිටියා.

ස්ථාවර නියෝග 23යි දෙක යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නැගූ ප්‍රශ්නයකට අද පිළිතුරු ලබාදුන් මංගල සමරවීර සදහන් කළේ පලස්තීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය වෙනස් වී නොමැති බවයි.

පලස්තීන නැගෙනහිර ජෙරුසෙලමේ පැරණි පුරවරය සම්බන්ධයෙන් යුනෙස්කෝව ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ නොකළේ මන්දැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විමසා තිබුණා.

ඊට පිළිතුරු වශයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා කියා සිටියේ යුනෙස්කෝවේ හරය වන සියලු ආගම්වලට සමාන සැලකීමක් සිදුකිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවයි.

යුනෙස්කෝ යෝජනාව මගින් නැගෙනහිර ජෙරුසෙලමේ අල් - අක්සා මුස්ලිම් දේවස්ථානය පිළිබදව පමණක් සදහන්ව ඇති අතර, එය යුදෙව් දහමේ සහ කිතු දහමේ ද අති පූජනීය ස්ථානයක්.