බැසිල් ඇමරිකා යන්න ඉල්ලයි - නීතිපති හරස් වෙයි

Tuesday, 22 November 2016 - 12:48

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තමන්ට ප්‍රතිකාර ලබා ගැනීමට මාස 03ක කාලයක් විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කර තිබූ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මූලික විරෝධතා ඉදිරිපත් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන හමුවේ මෙම ඉල්ලීම අද සලකා බැලුණු අවස්ථාවේදී විනිසුරුවරිය නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළේ මීට අදාල ලිඛිත විරෝධතා මේ මස 25 වැනිදා ගොනු කරන ලෙසයි.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද අධිකරණය හමුවේ කියා සිටියේ සිය සේවාදායකයාට නඩු 03ක් මෙරට අධිකරණවල පවතින අතර ඔහු ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ වසර 02ක් ගත වන බවයි.

සිය සේවාදායකයා හෘද රෝග තත්ත්වයකට ඇමරිකාවේදී ප්‍රතිකාර ලබාගනිමින් සිටි බැවින් එම ප්‍රතිකාර තවදුරටත් කරගෙන යාම සඳහා මාස 03ක කාලයක් විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා විරෝධතා ඉදිරිපත් කළා.

දැනට ඇප මත මුදා හැර සිටින බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට ඇප කොන්දේසියක් ලෙස විදෙස් ගතවීම තහනම් කර තිබෙනවා.

මේ අතර, පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කුලී පදනම මත ලබාගත් බස්රථවලට ගාස්තු වශයෙන් රුපියල් මිලියන 142.5ක මුදලක් නොගෙවීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව පවරා තිබූ නඩුව අද කොළඹ වාණිජ මහාධිකරණයේදී කැදවනු ලැබුවා.

මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ නිදහස් පකෂයේ හිටපු මහ ලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මෙම නඩුවේ වගඋත්තකරුවන් ලෙස නම් කර තිබුණා.

සංශෝධිත පැමිණිල්ලක් මගින් මොවුන් දෙදෙනාගේ නම් මෙම නඩුවෙන් ඉවත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා නඩුව ලබන වසරේ ජනවාරි මස 26 වැනිදා යලි කැදවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න නියෝග කළා.