තෙල්දෙනියේ පාසල් සිසුවෙකු පිහි ඇනුමකින් රෝහලේ

Tuesday, 22 November 2016 - 13:08

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
තෙල්දෙනිය ජාතික පාසලේ 11 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු අතර, අද උදෑසන ඇති වූ ගැටුමක් අතරතුර එක් සිසුවෙකු තවත් සිසුවෙකුට පිහි ඇනුමක් සිදුකර තිබෙනවා.

එහිදී තුවාල ලැබූ සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා තෙල්දෙනිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පිහි ඇනුමෙන් අදාළ සිසුවාගේ අතකට හානි සිදුව ඇති බව සඳහන්.