යුරෝපයට ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක්

Tuesday, 22 November 2016 - 14:26

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මෙවර ශීත ඍතුවේ නිවාඩු සමය තුළ යුරෝපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකානු පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ මේ නිසා යුරෝපා සංචාරයන් හිදී අවධානයෙන් සිටින ලෙසයි.

විශේෂයෙන් නිවාඩු සමයේ උත්සව, සැණකෙලි සහ විවෘත වෙළඳපොළ මෙලෙස ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වීමේ අවදානමක් පවතින බව රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළා.

එමගින් පෙන්වා දෙන්නේ අයි.එස්. සහ අල්ඛයිඩා වැනි සංවිධාන මෙලෙස යුරෝපයේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.