ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තාගේ දේහය හෙට සුදර්ශියට

Tuesday, 22 November 2016 - 15:07

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%AB+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි විමල් කුමාර ද කොස්තාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 5 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

මේ වනවිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති දේහය හෙට පෙරවරු 8.30ට සිංහල සංස්කෘති ආයතනය හෙවත් සුදර්ශියට රැගෙන ඒමට නියමිතයි.

දේහය පිළිබඳ ආගමික වතාවත් සහ අවමංගල්‍ය සභාවේ වැඩකටයුතුද සුදර්ශියේදී සිදු කෙරෙන අතර, අනතුරුව අවසන් කටයුතු සඳහා එය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන යනු ඇති.