සිරියානු සරණාගතයින්ට යළි ආධාර යැවීමට ජගත් සංවිධානය සැරසේ

Wednesday, 23 November 2016 - 7:16

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ලෙබනන් දේශසීමාව ආසන්නයේ සිටින සිරියානු සරණාගතයින් 85,000 සදහා ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නැවතත් යැවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා.

ලෙබනනයේ ආරක්ෂක අංශ සමග පසුගිය සතියේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ.

පසුගිය ජුනි මාසයේදී IS කැරලිකරුවන් දේශසීමා ආසන්නයේදී ජෝර්දාන හමුදා භටයින් 7දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව ලෙබනන් දේශසීමා වසා දැමුණා.

ඉන් අනතුරුව සරණාගතයින් සදහා අධාර ලබාදීම ඇණහිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.