ධර්මරාජයේ සිසුවාට පහරදීම ගැන ඇමති නියමයෙන් පරීක්ෂණයක්

Wednesday, 23 November 2016 - 12:37

%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමේ සිද්ධිය පිළිබඳ විමර්ශණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පොලිසියට උපදෙස් දී තිබෙනවා.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වෙත අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ පැය 04ක් ඇතුළත මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් සිදුකර තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙසයි.

ධර්මරාජ විද්‍යාලයේ සිසුවෙකුට පාසල ඉදිරිපිටදී කිසියම් පිරිසක් විසින් පහරදෙන වීඩියෝ පටයක් ඊයේ (22) සමාජජාල වෙබ් අඩවි වල පළ වුණා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්.

පසුගිය 21 වැනිදා පාසල නිමවී පස්වරු 1යි 43ට පමණ ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සැරසී සිටි තරුණයින් පිරිසක් විසින් මෙම සිසුවාට පහර දී පළායන අයුරු එම වීඩියෝ පටයේ දැක්වෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති ධම්පිය වනසිංහගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ පාසලේ දෙලොස් වන ශ්‍රේණියේ ශිෂ්‍ය නායකයෙකු විසින් පහර කෑමට ලක්වූ ශිෂ්‍යයාට පාසලට ගැලපෙන ආකාරයට සිය කොණ්ඩය සකස් කරගෙන පැමිණෙන ලෙස සිද්ධිය වූ දින උදෑසන පවසා ඇති බවයි.

මෙම සිද්ධියත් සමඟ දෙදෙනා අතර වචන හුවමාරුවක්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිසුවා පිටස්තර පිරිසකගේ පහර කෑමකට ලක්වන්නේද එදින පස්වරුවේයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති ධම්පිය වනසිංහ කියා සිටියේ අද පෙරවරුවේ මහනුවර පොලිසියේ නිලධාරීන් පිරිසක්ද විද්‍යාලය වෙත පැමිණි බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව අප මහනුවර පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ මේ පිළිබඳ මෙතෙක් කිසිදු පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී නොමැති බවයි. 

සමාජ මාධ්‍ය ජාල වාර්තා කළ එම වීඩියෝව පහතින්