නව මෘදුකාංගයක් හේතුවෙන් ෆේස්බුක් වෙතට ඇතුළුවීම අවහිර කරයි

Wednesday, 23 November 2016 - 13:15

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ෆේස්බුක් සමාජ ජාලයට ඇතුළුවීමට චීනයේ පවතින අවහිරතා මගහැරීම සඳහා විශේෂ මෘදුකාංගයක් නිර්මාණය කිරීමට ෆේස්බුක් සමාගම කටයුතු කරමින් සිටින බව නිව්යෝක් ටයිම්ස් සඟරාව පවසනවා.

කෙසේ වෙතත්, අදාළ මෘදුකාංගය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

චීන රජය එරට වැසියන්ට ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ ජාලවලට ඇතුළුවීම දැනට අවහිර කර තිබෙනවා.

කෙසේ වුවත්, මෙවැනි මෘදුකාංගයක් නිර්මාණය කිරීමෙන් චීනයේ ස්වෛරීත්වයට බලපෑමක් එල්ල විය හැකි බවයි නිව්යෝක් ටයිම්ස් සඟරාව පෙන්වා දෙන්නේ.