මහබැංකුව තුළ තවමත් බැඳුම්කර අවතාර ක්‍රියාත්මක වන බැවින් අවධානයෙන් සිටිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මේ බව සිටියා.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට අවශ්‍ය අයුරින් තවමත් මහ බැංකුවේ වැඩකටයුතු සිදුවන බවටයි ඔහු චෝදනා කළේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ටොප් ටෙන් යටතේ වත්මන් ආණ්ඩුව සිදුකරන දුෂණ වංචා පිළිබදව 3 වන පැමිණිල්ල අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද භාරදෙනු ලැබුවා.
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි කියා සිටියේ සංවර්ධන උපාමාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රමට එරෙහිව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.
මහපොළ අරමුදලට අදාළ අක්‍රමිකතාවක් ඊට හේතුවී තිබෙනවා.