අකුණු සැර වැදී හයදෙනෙකු රෝහලේ

Thursday, 24 November 2016 - 10:55

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
හැටන් - නෝවුඩ් - ගෝති වත්ත ප්‍රදේශයේදී අකුණු සැර වැදීමකින් කම්පනයට පත්වූ පුද්ගලයන් හයදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර,  ඔවුන් මේ වනවිට මස්කෙළිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මොවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.