දඩ වැඩි කළේ ආදායම වැඩි කරගැනීමට නොවේ - මුදල් ඇමති කියයි

Thursday, 24 November 2016 - 12:15

%E0%B6%AF%E0%B6%A9+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රථ වාහන වැරදි 07ක් සඳහා ඉහල දැමූ දඩ මුදල් සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර සඳහා වැය කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.

එමඟින් උපයා ගන්නා මුදල් රජයේ ආදායමට එක්කර නොගන්නා බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර අයවැයේදී පළාත් සභා සඳහා වෙන්කර ඇති මුදල් කප්පාදු කර ඇති බවට පළාත් ප්‍රධාන අමාත්‍යවරු චෝදනා කළා.

කෙසේ වෙතත් මෙම ගැටළුව පිලිබඳව පළාත් ප්‍රධාන අමාත්‍යවරු, පසුගියදා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ අතර එහිදී කප්පාදු කර ඇති මුදල් යලි ලබාදීමට එකඟතාවය පළ වූ බවයි මාධ්‍ය වාර්තා කළේ.

අද පැවති මාධ්‍ය හමුවේදී මෙම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා කියා සිටියේ  එවැනි වැඩි කිරීමක් සිදු නොකරන බවයි.