චීනයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක තට්ටුවක් කඩාවැටී එහි සිටි සේවකයින් 40 දෙනෙකු මියගොස් තිබෙනවා.
නැගෙනහිර චීනයේ ජියංෂි ප්‍රාන්තයේ පෙන්ජේ ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක මෙම අනතුර සිදුව ඇති අතර, විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
මෙම අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් චීන ජනාධිපති ෂී ජින්පිං පවසා ඇත්තේ රටක් ලෙස වැඩබිම්වල සේවය කරන ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි.
පසුගිය වසරේ චීනයේ රසායනික ද්‍රව්‍ය නිපදවන කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් 170 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.