මියගිය වන අලියෙකුගේ සිරුරක් කරුවලගස්වැව රක්ෂිතයකින් හමුවේ (ඡායාරූප)

Thursday, 24 November 2016 - 12:58

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කරුවලගස්වැව - මදුරගම රක්ෂිතයේ තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.

මදුරගම ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිදුකළ සොයාබැලීමකදී අඩි 12 ක් පමණ උස මෙම දැවැන්ත වන අලියාගේ මළ සිරුර හමුවී ඇති බව සඳහන්.

මේ අතර වවුනියාව - පුලියන්කුලම - ඉරාමනූර් ගම්මානයට ඊයේ රාත්‍රියේ වන අලි රංචුවක් කඩාවැදී තිබෙනවා.

මෙම වන අලි රංචුව ප්‍රදේශයේ වගා බිම් රැසකටද හානි සිදුකර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.




ඡායාරූප - පුත්තලම ප්‍රියංකර කලුපහන / වන්නි රොමේෂ් මදුෂංක