අලි බලා ගැනීම ගැටලුවක්- වනජිවි ඇමති කියයි

Friday, 25 November 2016 - 7:18

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අධිකරණ නියෝග මත රජයේ භාරයට පත්වන හීලෑ අලි ඇතුන් රැකබලා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා.

එමෙන්ම, ඉදිරියේදී හිලෑ අලි ඇතුන් බර වැඩවලට යෙදවීම වළක්වාලමින් දැඩි නීති ගෙන එන බවයි කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ සඳහා මේ වනවිට කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.

හිලෑ අලි ඇතුන් රැකබලා ගැනීමේදී අනුගමනය කළ යුතු නව කොන්දේසි 41 ක් ඒ සඳහා යෝජනා කර ඇති අතර, දිනපතා ආහාරය සඳහා නැවුම් පළතුරු සහ එළවළු ලබාදීමද ඊට ඇතුළත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.