නව ව්‍යවස්ථාව ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් -දෙමළ සන්ධානය ජනපතිට කියයි

Friday, 25 November 2016 - 7:54

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ඊයේ (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාම සහභාගි වී තිබෙනවා.

එහිදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ පවතින ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීම වෙනුවට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම ජාතික ගැටලුව විසදීමට රුකුලක් වනු ඇති බවයි.

එමෙන්ම, මෙම සාකච්ඡාවේදී දැනට උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පවතින ආර්ථික සහ සමාජික ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.

එම ගැටලුඇතුළත් සංදේශයක් මන්ත්‍රීවරුන් 16 දෙනාගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව සදහන්.

අයවැය 3 වන වර කියවීමේ විවාදය අවසන් වීමට පෙර යළිත් වතාවක් තමන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මුණ ගැසීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.