ඉදිරි දින කිහිපයේ නැගෙනහිර ප්‍රදේශයට වැසි වැඩි වෙයි

Friday, 25 November 2016 - 8:03

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නැගෙනහිර කොටසට වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේදීත් නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

බස්නාහිර / සබරගමුව / මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතින බව ඔවුන් ප්‍රකාශ කලා.