කොලොම්බියාවේ නව සාම ගිවිසුමකට අත්සන් තැබේ

Friday, 25 November 2016 - 8:55

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
කොලොම්බියානු රජය සහ එරට විශාලතම කැරලිකාර කණ්ඩායම වන ෆාක් සංවිධානය අතර, නව සාම ගිවිසුමකට ඊයේ අත්සන් තැබුවා.

දෙපාර්ශවය අතර, මීට පෙර අත්සන් තැබුණු සාම ගිවිසුම පසුගිය ඔක්තෝම්බර් 2 වනදා පවත්වන ලද ජනමත විචාරණයකින් ප්‍රතික්ෂේප කෙරුණා.

දැන් අත්සන් තබා ඇති නව සාමගිවිසුම ජනමත විචාරණයකට යොමුකිරීම වෙනුවට එරට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය සදහා යොමුකෙරෙනවා.

කොළොම්බියානු සාම ක්‍රියාවලිය දියත් කෙරුණේ දෙලක්ෂ 60,000 ක් පමණ ජීවිතක්ෂයට පත් කරමින් වසර 52 ක් තිස්සේ පැවති එරට සිවිල් යුද්ධය නිමා කිරීම අරමුණු කරගෙනයි.